ජාත්යන්තර රූ රැජිණ වේදිකාවේ ශ්රී ලාංකේය නාමය නැවතත් ඉහළින්ම සටහන් කරමින්, 2026 Mrs. Tourism World (මිසිස් ටුවරිසම් වර්ල්ඩ්) ලෝක කිරුළ දිනා ගැනීමට ශ්රී ලංකාවේ නිමේෂා ප්රේමචන්ද්ර සමත් වී සිටින්නීය.ලෝකයේ විවිධ රටවල් නියෝජනය කරමින් පැමිණි රූ රැජිණියන් රැසක් පරදවමින් ඇය මෙම විශිෂ්ට ජයග්රහණය අත්කර ගත්තේ ෆිලිපීනයේදී පැවැති අවසන් මහා තරඟයේදීය.සංචාරක ක්ෂේත්රය සහ සංස්කෘතික සන්නාමය ලොවට ගෙන යාමක්Mrs. Tourism World තරඟාවලිය යනු හුදෙක් බාහිර රූපකාය පමණක් මැන බලන තරඟයක් නොවේ. රටක සංචාරක ක්ෂේත්රය, සංස්කෘතිය, කාන්තා බලගැන්වීම සහ සමාජ සේවාවන් ජාත්යන්තරයට ගෙන යාම මෙහි ප්රධාන අරමුණයි.Mrs. Tourism Sri Lanka 2026 ලෙස දේශීය කිරුළ දිනාගනිමින් ජාත්යන්තර වේදිකාවට පිවිසි නිමේෂා, එහිදී ශ්රී ලංකාවේ අලංකාර සංස්කෘතිය සහ ආගන්තුක සත්කාරයේ ඇති විශේෂත්වය ලෝකය හමුවේ මනාව නිරූපණය කළාය. තරඟාවලිය අතරතුර පැවැති කැපී පෙනෙන අංගයක් වූ මෝස්තර නිරූපණයේදී ‘Best in Runway’ විශේෂ සම්මානය හිමිකර ගැනීමටද ඇය සමත් වූවාය.කළුතරින් ඇරඹි ජයග්රාහී ගමනකළුතර බාලිකා ජාතික පාසලෙන් මූලික අධ්යාපනය ලබා, රුහුණ විශ්වවිද්යාලයෙන් උසස් අධ්යාපනය හැදෑරූ නිමේෂා ප්රේමචන්ද්ර, ශ්රී ලාංකේය ප්රේක්ෂකයින් අතර වඩාත් ජනප්රිය වූයේ මාධ්යවේදිනියක සහ ජාතික රූපවාහිනියේ ප්රකට නාළිකා ඉදිරිපත් කරන්නියක (TV Presenter) ලෙසයි.රංගන ක්ෂේත්රයටද පා තැබූ ඇය, ‘අඳුන්ගිර’, ‘ගංගන පියවර’, සහ ‘සුසුම් රස්තියාදුව’ වැනි ජනප්රිය ටෙලි නාට්ය රැසක් හරහා ප්රේක්ෂක ආදරය දිනාගත්තාය.ශ්රී ලංකාවට නව බලාපොරොත්තුවක්ජාත්යන්තර මට්ටමේ සංචාරක සන්නාමයක් ලෙස ශ්රී ලංකාව ඉදිරියට ගෙන යාමටත්, නූතන කාන්තාවට ආදර්ශමත් නායකත්වයක් ලබාදීමටත් මෙම ජයග්රහණය විශාල පිටුවහලක් වන බව ඇය සඳහන් කරයි.ලෝකයේ අවධානය ශ්රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය දෙසට යොමු කිරීමට සමත් වූ මෙම ඓතිහාසික ජයග්රහණය වෙනුවෙන් අපගේ හෘදයාංගම සුබ පැතුම්!
2026 Mrs. Tourism World කිරුළ නිමේෂා ප්රේමචන්ද්ර හිස පලඳියි!
