කළුතර විද්‍යාලයේ ලෝක ළමා දින සැමරුම

කළුතර විද්‍යාලයේ ලෝක ළමා දින සැමරුම “මනසින් සවිමත් දරුවන් පොහොසත්” තේමාව යටතේ උත්කර්ෂවත් ලෙස පැවැත්වේ
2026 ලෝක ළමා දිනය නිමිත්තෙන් කළුතර විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දූ දරුවන් වෙනුවෙන් සංවිධානය කළ විශේෂ ළමා දින සැමරුම් උත්සවය “මනසින් සවිමත් දරුවන් පොහොසත්” යන තේමාව පෙරදැරි කරගනිමින් ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමා, නියෝජ්‍ය විදුහල්පතිවරුන්, අංශ ප්‍රධානීන්, ශ්‍රේණි ප්‍රධානීන් ඇතුළු ප්‍රාථමික අංශයේ සමස්ත ගුරු භවතුන්ගේ එකමුතුවෙන් හා කැපවීමෙන් මෙම අර්ථවත් වැඩසටහන සංවිධානය කර තිබුණි.
දරුවන්ගේ මානසික සුවතාවය, සිතීමේ ශක්තිය සහ නිර්මාණශීලීත්වය වර්ධනය කරමින්, යහපත් හෙට දිනයක් වෙනුවෙන් ඔවුන් බලගැන්වීම මෙවර සැමරුමේ ප්‍රධාන අරමුණ විය. ප්‍රාථමික අංශයේ පුංචි දූ දරුවන්ගේ සිනහවෙන් සහ සතුටින් පරිපූර්ණ වූ මෙම උත්සවය, විද්‍යාල වංශකතාවට තවත් සුන්දර මතකයන් රැසක් එක් කිරීමට සමත් විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *